Tuesday, January 5, 2010

Govt. trying to sabotage SF campaign through police, says JVP



ජෙනරාල්ගේ පැමිණීම සහ විජාතික
බලවේග පිබිදීම!

දසක තුනක යුද්ධය වසර තුනකදී නිමා කිරීමට දේශපාලන නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඒ තිස්‌ අවුරුදු ත්‍රස්‌තවාදය නිම කිරීමට යුද නායකත්වය දුන් හිටපු ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා දැන් දෙපිළකට බෙදී දේශපාලන සටනකට පිවිස සිටිති.

සැබැවින්ම එය ජනතාව කිසිසේත්ම අපේක්‍ෂා නොකළ ඉතා කනගාටුදායක තත්ත්වයකි. එසේම එය කිසිසේත්ම නො විය යුතු සහ කිසිසේත්ම අනුමත කළ නො හැකි දෙයකි.

කෙසේ වුවත් දැන් එය සිදු වී ඇත. එදා එකට එක්‌ වී ප්‍රභාකරන් නමැති ජාතියේ පොදු සතුරාට එරෙහිව යුද වැද ඒ සතුරා විනාශ කළ රටට සාමය උදාකළ ඒ දේශපාලන හා යුද නායකයන් දෙදෙනා මෙදා දෙපසකට වී එකිනෙකාට එරෙහිව දේශපාලන යුද පිටියට බැස යුද වැදීම කොතරම් අවාසනාවන්ත තත්ත්වයක්‌ ද යන්න රටේ බහුතර ජනතාව දනිති. එහෙත් ඒ බව නො දන්නා පරාජිත දේශපාලන නායකයෝ සහ පරාජිත එල්.ටී.ටී.ඊ. හිතවාදියෝ ප්‍රමුඛ දෙස්‌ විදෙස්‌ බලවේගවල බලපෑම්වලට අවනත වී මෙවන් අනුවණ තීරණයක්‌ ගෙන දේශපාලන සටනකට පිවිසීමට ජෙනරාල් සරත් ෆොන්සේකා ගත් පියවර පරාජිත එල්.ටී.ටී.ඊ. හිතවාදියෝ සහ ඔවුන්ට සහාය දක්‌වන විදෙස්‌ ප්‍රජාව මහත් උද්දාමයට පත්ව සිටින බව ද නො රහසකි.

කොතරම් දක්‍ෂ යුද හමුදාපතිවරයකු සිටියද, දක්‍ෂ යුද හමුදාවක්‌ තිබුණ ද ඒ තුළින් පමණක්‌ යුද්ධය ජය ගැනීමට නො හැකි බව කවුරුත් දන්නා සත්‍යයකි. ඒ බව යුද්ධය කෙරීගෙන ගිය පසුගිය කාලය දෙස විමසා බැලීමේදී හොඳින් තහවුරු වනු ඇත.

ත්‍රස්‌තවාදයට පිළිතුර යුද්ධය පමණක්‌ බව හොඳින් වටහාගත් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු ඒ පිළිබඳ නිවැරැදි සෘජු තීරණයක්‌ එඩිතරව ගෙන යුද්ධයට නිසි දේශපාලන නායකත්වයක්‌ ලබා දීම මෙම යුද විජයග්‍රහණයට හේතු වූ ප්‍රධාන හේතුව බව පැහැදිලිය.

වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම යැමට සිටි මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා ලුතිනන් ජෙනරාල් නිලයට උසස්‌ කර ඔහුට යුද හමුදාපති තනතුර ලබාදීමට ජනාධිපතිවරයා එදා කටයුතු නො කළා නම් ජෙනරාල් ෆොන්සේකාට අද යුද වීරයකු ලෙස මෙසේ ජනප්‍රසාදය දිනා ගැනීමට නොහැකි වනු නිසැකය.

No comments:

Post a Comment