විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක සරත් ෆොන්සේකාට ඇමෙරිකන් ඩොලර් 5,27,000 ක් වටිනා අලුත්ම නෝට්ටු සහිත මුදල් මලු ලැබුණු මාර්ගය අනාවරණය කැර ගැනීමට පුළුල් පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතී. ෆොන්සේකා ගේ ඡන්ද ව්‍යාපාරය සඳහා මෙතරම් දැවැන්ත විදේශීය මුදල් සම්භාරයක් ලැබීම පිටුපස තවත් අභිරහසක් ඇතැයි විශ්වාස කෙරේ. නීති විරෝධී ලෙස මේ මුදල් විපක්ෂයේ ජනපති අපේක්ෂකයාට ලබාදීමට ක්‍රියා කෙළේ කවුරුන් ද යන්න අනාවරණය කර ගතහොත්, විපක්ෂය සමඟ පැවැති රහසිගත විදේශ සබඳතා පිළිබඳව ප්‍රබල සාක්ෂි අනාවරණය වනු ඇති බවත් පැවසෙයි. මෙතරම් විශාල විදේශ මුදල් නෝට්ටු තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී ඒ බව ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කිරීම අනිවාර්ය වුවත් මෙසේ සොයාගත් විදේශ මුදල් නෝට්ටු මිටි ශ්‍රී ලංකාවට රැගෙන එන්නට ඇත්තේ හොර රහසින් බවත් විශ්වාස කෙරේ.
විදේශිකයන්ට හෝ ශ්‍රී ලාංකිකයන්ට හෝ මෙරට පැමිණීමේදී විදේශ මුදල් නෝට්ටු රැගෙන ආ හැකියි. එහෙත් ඒ මුදල් ප්‍රමාණය කොතෙක් දැයි ඔහු ගුවන් තොටුපළේ දී ප්‍රකාශ කළ යුතු අතර එම මුදල් උපයා ගත් ආකාරය අනාවරණය කිරීමත් අවශ්‍ය වෙයි. විදේශිකයන්ට අවශ්‍ය පමණ විදේශ මුදල් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ඉඩ ඇතත් ඒ මුදල් ශ්‍රී ලාංකිකයන් හා වෙනත් පාර්ශ්වයක් අතට පත් කිරීම නීති විරෝධී ක්‍රියාවකි.
එමෙන්ම මෙරටට රැගෙන ආ විදේශ මුදල් දින 90 ක් ඇතුළත දී ශ්‍රී ලංකා රුපියල්වලට මාරු කැර ගැනීම ද අනිවාර්යෙන් සිදුවිය යුත්තකි. ඩොලර් 15,500 ට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රකාශ නොකොට ශ්‍රී ලංකාවට රැගෙන ඒමත් ඒවා ළඟ තබා ගැනීමත් අපරාධ ගණයට වැටෙන වරදකි.
කිසියම් තානාපති කාර්යාලයක් විසින් තම මවු රටින් මුදල් ගෙන්වා ගනු ලැබීමේදී පිළිගත් ක්‍රමය වන්නේ එකී මුදල් මෙරට බැංකු ගිණුමකට බැර කිරීම මිස මිටි පිටින් ඩොලර් මලු ගෙන ඒම සිදු නොවෙයි. එමෙන් ම ලිපි හා භාණ්ඩ ප්‍රවාහනය කරන කුරියර් සේවා මඟින් ද මුදල් හුවමාරු කටයුතු සිදු නොකරයි.
මේ මුදල් ශ්‍රී ලංකාවට ගෙන්වූයේ කවර කාරණයකට ද යන බවත් විමසා බැලීමට නියමිත අතර මේ වනවිට එම ඇමෙරිකන් ඩොලර් නෝට්ටුවල අනුක්‍රමික අංක සටහන් කැර ගැනීම හා ඒ පිළිබඳ තවත් තොරතුරු සොයා බැලීම සිදු කැරෙමින් පවතී.
2010 පෙබරවාරි 21 වෙනි ඉරිදා, 23:20 lanka C news
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment